Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදෙස්ගත පාතාල කල්ලි ප්‍රබලයන් 201දෙනෙකුගේ තොරතුරු හෙළිවේ..

විදෙස්ගත පාතාල කල්ලි ප්‍රබලයන් 201ක්

විදෙස්ගත පාතාල කල්ලි ප්‍රබලයන් 201ක්

ඩුබායි ඇතුළු රටවල සිට මෙරට මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ සිදු කරවන පාතාල කල්ලි ප්‍රබලයන් 201 දෙනකු පිළිබඳ සියලු තොරතුරු මේ වන විට හෙළි කරගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයෙක් පැවසීය.

මේ පාතාලයන් පිළිබඳව සියලු තොරතුරු අන්තර්ජාතික පොලීසිය (ඉන්ටර්පෝල්) වෙතද ලබා දී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

මෙරට පාතාලයන් රැඳී සිටින රටවල් සමඟ සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් මෙරටට ගෙන්වාගැනීමේ නීතිමය කටයුතු සිදු කරමින් පවතින අතර 19 දෙනකු ඒ අනුව මේ වන විට මෙරටට ගෙන්වා ඇති බවද එම නිලධරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් 65 දෙනකු පමණ මේ වන විට විදේශගතව සිටින බවටද පොලීසියට තොරතුරු ලැබී තිබේ.

Exit mobile version