Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කූඨ ලේඛණ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුද්‍රා ව්‍යාජ ලෙස සකස් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

කූඨ ලේඛණ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුද්‍රා ව්‍යාජ ලෙස සකස් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

කූඨ ලේඛණ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුද්‍රා ව්‍යාජ ලෙස සකස් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

කූඨ ලේඛණ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුද්‍රා ව්‍යාජ ලෙස සකස් කළ සැකකරුවකු පානදුර උතුර පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තා.

ඔහු සමගි ජනබලවේගයේ පළාත් පාලන ආයතන අපේක්ෂිකාවකගේ ස්වාමි පුරුෂයෙකු බවයි වාර්තා වන්නේ.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් දීර්ඝ කාලයක සිට සිදු කළ මෙහෙයුමකට අනුව ව්‍යාජ නිල මුද්‍රා හා ලේඛණ සකස් කළ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු පානදුර පරත්ත රුක්මල් මාවතේ පදිංචිකරුවෙක්.

දෙහිවල ගල්කිස්ස නගර සභාව, පානදුර ප්‍රාදේශීය සභාව, පානදුර නගර සභාව බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවල කූඨ ලේඛණ සකස් කර තිබෙනවා.

එම ආයතනවල ලේකම්වරුන්ගේ නිල මුද්‍රා ද ඔහු සකස් කර ඇති බව පොලිස් විමර්ශලනවලදී හෙළි වුණා.

මෙම සැකකරු මේ ආකාරයෙන්ම කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධයෙන් 2023 වසරේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙක්. ඒ සම්බන්ධ නඩුවද තවමත් විභාග වෙමින් පවතිනවා.

Exit mobile version