Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනයට පත්කළ කමිටුව රැස් වේ

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනයට පත්කළ කමිටුව රැස් වේ

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනයට පත්කළ කමිටුව රැස් වේ

වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලය අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාකිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විනිසුරු නීල් ඉද්දවෙල, පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරු නම්කර තිබේ.

ඒ අනුව එම කමිටුව අද දිනයේදි (23) පළමුවරට පාර්ලිමේන්තුවේදී රැස්වී මූලික සාකච්ඡා සිදුකර ඇත. මෙම කමිටුව එළැඹෙන 25වනදා නැවත රැස්වීමට නියමිතව තිබේ.

2022 අංක 05 දරන නිලධරයන් ඉවත්කිරීමේ (කාර්ය පටිපාටිය) පනතෙහි 5 වගන්තිය සමග කියවිය යුතු 3(ඈ) සහ 3(ඉ) වගන්ති ප්‍රකාරව විෂමාචාරය සහ ධුරයේ බලය බරපතළ අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට මෙම කමිටුව පත්කර ඇත.

ඒ අනුව දේශබන්දු දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා එකී පනතෙහි 5 වන වගන්තිය ප්‍රකාරව පරීක්ෂණ කමිටුවක් පත්කළ යුතු බවට වූ යෝජනාව පසුගිය 8වනදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Exit mobile version