Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වැඩබලන පොලිස්පතිගෙන් පොලිසියේ නිළධාරීන්ට දැනුම්දීමක්

නිවාස හා ගොඩනැගිලි කුලියට ලබාදීමේ දී දැනුවත්භාවයෙන් කටයුතු කරන්න – පොලීසිය

නිවාස හා ගොඩනැගිලි කුලියට ලබාදීමේ දී දැනුවත්භාවයෙන් කටයුතු කරන්න – පොලීසිය

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගෙන් හා ව්‍යාපාරික ප්‍රජාවගෙන් මූල්‍ය පරිත්‍යාග ලබාගෙන පොලිස් ස්ථාන තුළ සංග්‍රහ සංවිධාන නොකරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සියලු පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

එසේම, නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හට සුභ පැතීමේදී ත්‍යාග ලබාදීම නොකලයුතු බවටයි ඒ තුළින් දැනුම් දී ඇත්තේ.

එසේ ලබාදෙන කිසිදු මුදලක් හෝ ත්‍යාගයක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් භාරනොගත යුතු බවටද වැඩබලන පොලිස්පතිවරයා සියලු පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මෙම උපදෙස් පිළිනොපදින නිලධාරීන් සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

Exit mobile version