Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පළමුවරට ජර්මනි හමුදාව විදේශ රටකට

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පළමුවරට ජර්මනි හමුදාව විදේශ රටකට

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පළමුවරට ජර්මනි හමුදාව විදේශ රටකට

යුක්රේනයට එරෙහි රුසියානු ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස නේටෝ සංවිධානයට අයත් ලිතුවේනියාවේ නැඟෙනහිර කලාපයේ හමුදා සෙබළුන් පන්දහසකගෙන් සමන්විත බලඇණියක් ස්ථාපිත කිරීමට ජර්මනිය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජර්මනිය විදේශීය රාජ්‍යයක හමුදා බලඇණියක් අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇත්තේ දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසු පළමුවරට බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

මේ ඓතිහාසික සිදුවීමත් සමඟ විදේශ රටක හමුදාව ස්ථාපිත නොකිරීමේ ජර්මානු ප්‍රතිපත්තිය බිඳ වැටුණු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පෙරේදා ලිතුවේනියානු අගනුවර වන විල්නියස් නගරයෙන් පිටත පැවැති උත්සවකින් පසුව ජර්මානු සන්නද්ධ බළකායට අයත් සෙබළුන් පන්දහසක කණ්ඩායම ස්ථාපිත කිරීම නිල වශයෙන් සිදුවී ඇති අතර, එම ස්ථානයේ තාවකාලික හමුදා මූලස්ථානයක්ද ඉදිකර ඇතැයි වාර්තා වේ.

Exit mobile version