Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාස 3ක් තුළ මත්ද්‍රවය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 592 දෙනෙකුට රු.ලක්ෂ 60ට අධික දඩ

මාස 3ක් තුළ මත්ද්‍රවය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ආ 592කුට රු.ලක්ෂ 60ට අධික දඩ

මාස 3ක් තුළ මත්ද්‍රවය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ආ 592කුට රු.ලක්ෂ 60ට අධික දඩ

2024-2025 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භකර මාස තුනක් තුළ හැටන් මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණ අත්අඩංගුවටගත් සැකකරුවන් 592කු සඳහා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 60කට අධික දඩ මුදලක් නියම කර තිබේ.

පසුගිය දෙසැම්බර් මස 24 වනදා සිට මාර්තු 23 වනදා දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිළිගත් පසු මෙලෙස රුපියල් 6,029,324 දඩ මුදල් නියම කර ඇති බව සඳහන් වේ.

චූදිතයන් කොලඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි අවුරුදු 20-45 ත් අතර විවිධ වයස් කාණ්ඩවල පසුවන අය බව සඳහන් වේ.

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා හැටන්, බගවන්තලාව, නොර්වුඩ්, මස්කෙලිය, නොර්ටන්බ්‍රිජ්, නල්ලතන්නිය, පොල්පිටිය, වටවල සහ ගිනිගත්හේන යන පොලිස් ස්ථානවල පොලිස් නිලධාරින් සහ හැටන් පොලිස් කොට්ටාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අඛණ්ඩව මෙහෙයුම් සිදුකරනු ලබයි.

Exit mobile version