Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශබන්දු ලබන අප්‍රේල් 3 දක්වා රිමාන්ඩ්

දේශබන්දු අප්‍රේල් 3 දක්වා රිමාන්ඩ්

දේශබන්දු අප්‍රේල් 3 දක්වා රිමාන්ඩ්

වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ දින (20) යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිට ඉකුත් බදාදා (19) දිනයේ මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවුණි.

ඒ අනුව සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (20)දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මාතර මහෙස්ත්‍රාත්වරයා ඉකුත් බදාදා දින(19) නියෝග කර තිබුණි.

අදාළ නියෝගයට අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා බදාදා (19) පස්වරුවේ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා තිබුණි.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේවය අත්හිටුවනු ලැබු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (20) දිනයේ යළි මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ ඒ අනුවය.

Exit mobile version