හල්දුම්මුල්ල පූනාගල කබරගල ප්‍රදේශයේ 2023 වසරේ සිදුවූ නායයාමෙන් නිවාස අහිමිවූ පවුල් 51ක් සඳහා නව නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම ආරම්භ කෙරුණා.
ඒ සඳහා රුපියල් ලක්ෂ එක්දහස් හයසීයක් වැය කෙරෙනු ඇත.
හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පූනාගල කබරගල ප්‍රදේශයේ 2023 වසරේ සිදුවූ නායයාම හේතුවෙන් ගම්මාන කිහිපයක පවුල් රැසකට නිවාස අහිමි වුණා.
එම ජනතාව වසර දෙකකට වැඩි කාලයක් පූනාගල මහකන්ද තේ කර්මාන්ත ශාලාවේ ජීවත් වුණා.
එලෙස දැඩි අපහසුතා මධ්‍යයේ ජීවත් වූ පවුල් 51 ක් වෙනුවෙන් නිවාස ලබාදීම සඳහා නව නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
මෙම ව්‍යාපෘතිය යටතේ එක් පවුලකට පර්චස් 10 බැගින් වූ ඉඩමක් සමග අංග සම්පූර්ණ නිවසක් හිමිවනවා. මෙම එක් නිවසක් සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 28ක්.