වායු දූෂණය කරන මෝටර් රථ මහ මඟදී අල්ලා පරීක්ෂා කිරීමේ වැඩසටහනක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කර තිබෙනවා.
පොලීසිය සමග ඒකාබද්ධව සිදු කරන මෙම වැඩසටහන අනුව මහ මග ගමන් කරන මෝටර් රථ නවත්වා වායු විමෝචන පරීක්ෂණ සිදු කෙරෙනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පොලිස් නිලධාරීන් සමග ඒකාබද්ධ වෙමින් හයිලෙවල් මාර්ගයේ අද දින(12) පෙරවරුවේ සිට මෙම දුම් පරීක්‍ෂණ සිදු කර ඇත.
එම දුම් පරීක්‍ෂණවලින් අසමත් වන රථ වාහන සඳහා දඩ නියම කිරීමක් සිදු නොකළත් දින හතක කාලයකදී එම වාහන නඩත්තු කර නැවත වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ශාඛාවට පෙන්වීමටයි නියෝග කෙරුණේ.
මෙහිදී මෝටර් රථවල ඇති වෙනත් අඩුපාඩු පිළිබඳවත් රියදුරන් දැනුවත් කිරීමට කටයුතු කෙරන අතර
රජයේ වාහනද මෙහිදී පරීක්‍ෂා කිරීම විශේෂත්වයක්.