නගරවල සවිකර ඇති ආලෝක සංඥා පුවරු 200ක් සඳහා අවරෝහණ ගණනය කිරීමේ යන්ත්‍ර සවි කිරීමට තීරණය කර තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසා සිටියේ, ඒ සඳහා වාහන වායු විමෝචන සඳහා භාරකාර අරමුදල විසින් ප්‍රතිපාදන සපයන බවය.
පළමු අදියර සඳහා රුපියල් මිලියන 56 මුදලක් එම අරමුදල විසින් ලබාදීමට නියමිත අතර ඉන් මිලියන 33ක් පසුගියදා නාගරික සංවර්ධන අධිකාරිය වෙත ලබා දී තිබේ.
මෙම ආලෝක සංඥා ක්‍රියාත්මක වනවිට රිය ධාවනය කළ යුතු වේලාව නියමිත පරිදි රියදුරන්ට දිස්වන හෙයින් එම වේලාව එනතුරු වාහනයේ එංජිම ක්‍රියාත්මක නොකර සිටිය හැකිය.
එමගින් ඉන්ධන කාර්යාක්ෂමතාවයක් ඇති වන අතර, අනවශ්‍ය වායු විමෝචනයද අවම වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසා සිටියේය.