Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමෙරිකාව විදේශ අරමුදල් ඩො.බි 60ක් කප්පාදු කරයි

අමෙරිකාව විදේශ අරමුදල් ඩො.බි 60ක් කප්පාදු කරයි

අමෙරිකාව විදේශ අරමුදල් ඩො.බි 60ක් කප්පාදු කරයි

විදේශ අරමුදල් අත්හිටුවීමට අමෙරිකාව පියවර ගැනීමෙන් ලොව පුරා රටවල් රැසකට දරුණු බලපෑම් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදේශ අරමුදල් ගිවිසුම්වලින් 90% කට වැඩි ප්‍රමාණයක් අත්හිටුවීමත්, අමෙරිකානු ඩොලර් බිලියන 60ක ආධාර කප්පාදු කිරීමත් ඊට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

අමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය සමඟ ඇතිකරගත් ගිවිසුම් දසදහසක් පමණ අවසන් කිරීමට තීරණය කළ බව පසුගියදා අමෙරිකාව ලොව පුරා රාජ්‍ය නොවන සංවිධානවලට දැනුම් දී ඇතැයිද වාර්තා වේ.

ඉන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ සෘජුවම අමෙරිකානු ආධාර මත යැපුණු රටවල්වලට බවත්, එවැනි රටවල සෞඛ්‍ය පද්ධති, පෝෂණ වැඩසටහන් සහ දරිද්‍රතාව පිටුදැකීමේ ව්‍යාපෘති බිඳ වැටෙනු ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කොංගෝව, ඉතියෝපියාව, සෙනගාලය, දකුණු සුඩානය, කොලොම්බියාව, බංග්ලාදේශය, මාලි රාජ්‍යය, බුර්කිනා ෆාසෝ, සෝමාලියාව, යුක්රේනය, ඇෆ්ගනිස්තානය, සිරියාව, කෙන්යාව, හයිටි රාජ්‍යය, තායිලන්තය, නයිජීරියාව, පිලිපීනය, වියට්නාමය සහ යේමනය වැනි රටවල ජනතාවට දැඩි බලපෑම් එල්ල වනු ඇතැයිද වාර්තා වේ.

Exit mobile version