Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බලශක්ති ක්ෂේත්‍රය ගැන නව ක්‍රියාමාර්ග 30ක් ගැසට්ටුවට

ඉදිරියේදී බලශක්ති ක්ෂේත්‍රය ගැන ගත් ක්‍රියාමාර්ග 30ක් ගැසට්ටුවට

ඉදිරියේදී බලශක්ති ක්ෂේත්‍රය ගැන ගත් ක්‍රියාමාර්ග 30ක් ගැසට්ටුවට

බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සකස්කළ ක්‍රියාමාර්ග 30කට ආසන්න ප්‍රමාණයක් ඉදිරි සති කිහිපය තුළදී ගැසට් මගින් ප්‍රකාශයට පත්කනර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඊයේ දින (03) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, මේ දක්වා රට තුළ බලශක්ති ප්‍රතිපත්තියක් නිසිපරිදි ක්‍රියාත්මක නොවූ බවය.

“බලශක්ති ප්‍රතිපත්තිය කවදාවත් නිසිවෙලාවට ක්‍රියාත්මක වුණේ නෑ. නිසි වෙලාවට ක්‍රියාත්මක නොවුන බලශක්ති ප්‍රතිපත්තිය පිළිබඳව අපි ඉදිරි දින අතුළේ මේ සාකච්ඡාව අරගෙන යනවා. ඒ වගේම වසර දෙකක් පුරාවට වෘත්තිකයින් හා එක්ව සකස්කළ, මහජන වරම් ලැබුණු ප්‍රතිපත්ති රාමුව සහ ක්‍රියාමාර්ග 30කට ආසාන්න ප්‍රමාණයක් අපි ඉදිරි දින කිහිපය තුළ එහෙම නැතිනම් ඉදිරි සති කිහිපයතුළ ගැසට් කරන්න විදුලි බල මණ්ඩලය කටයුතු කරන්න සූදානම්”

මේ අතර අමාත්‍යවරයා පෙන්වා දුන්නේ විදුලිබල ක්ෂේත්‍රයේ ඇති අර්බුදය විසඳන්නට රජය මැදිහත් වන බවය.

එමෙන්ම කිසිදු බලාගාරයක් හෝ සම්ප්‍රේෂණයක්, බෙදාහැරීමක් ජාතික ජනබලවේග ආණ්ඩුව යටතේ පෞද්ගලීකරණය සිදුනොකර බව මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version