Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එ.ජාතීන්ගේ යුක්රේන යෝජනාවේදී අමෙරිකාව ප්‍රථමවරට රුසියාවට සහාය

එ.ජාතීන්ගේ යුක්රේන යෝජනාවේදී අමෙරිකාව පළමුවරට රුසියාවට සහාය

එ.ජාතීන්ගේ යුක්රේන යෝජනාවේදී අමෙරිකාව පළමුවරට රුසියාවට සහාය

වසර 3ක් සම්පූර්ණ වූ රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය අවසන් කිරීමට සහ රුසියානු හමුදාව යුක්රේන භූමියෙන් ඉවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කළ යුරෝපා රටවල යෝජනාවට අමෙරිකාව විරෝධතාව පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ වෙනුවට යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා පසුගියදා සෞදි අරාබියේදී අමෙරිකානු සහ රුසියානු ඉහළ මට්ටමේ සාකච්ඡාවෙන් පසුව රුසියාවට සහාය පළ කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාව සම්මත වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධාන රැස්වීමකදී අමෙරිකාව විසින් යුක්රේන යුද්ධය සම්බන්ධව රුසියාවට සහාය පළ කරනු ලැබූ පළමු අවස්ථාව මෙය බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Exit mobile version