Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමෙරිකාව සහ යුක්‍රේනය අතර ඛනිජ සම්පත් ගිවිසුමක්

අමෙරිකාව සහ යුක්‍රේනය අතර ඛනිජ සම්පත් ගිවිසුමක්

අමෙරිකාව සහ යුක්‍රේනය අතර ඛනිජ සම්පත් ගිවිසුමක්

සති ගණනාවක වාග් ගැටුම්වලින් පසු අමෙරිකාව සහ යුක්‍රේනය ඛනිජ සම්පත් පිළිබඳ ගිවිසුමකට එළැඹ තිබේ.

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, ගිවිසුමට අත්සන් තැබීම සඳහා යුක්‍රේන ජනාධිපති වොලොඩමියර් සෙලෙන්ස්කි සිකුරාදා වොෂිංටන් අගනුවරට පැමිණීමට බලපොරොත්තුවෙන් පසුවන බවයි.

යුක්‍රේනය සතුව ලිතියම්, ටයිටේනියම් ඇතුළු මූලද්‍රව්‍ය සහ ඛනිජ ලවණ මෙන්ම ඩොලර් බිලියන ගණනක් වටිනා ගල් අඟුරු, ගෑස්, තෙල් සහ යුරේනියම් තැන්පතුද පවති.

නව ගිවිසුමට අනුව යුක්‍රේනයේ එම ඛනිජ සම්පත් අමෙරිකාවට විවෘත වනු ඇති.

රුසියානු – යුක්‍රේන යුද්ධය ආරම්භයේ සිට සහයෝගයෙන් කටයුතු කළ අමෙරිකාව සහ යුක්‍රේනය පසුගිය දිනවලදී මතබේධාත්මක තත්ත්වයකට මුහුණ දුන්නේය. ඒ, අමෙරිකාව යුක්‍රේනයට ලබාදී ඇති ඩොලර් බිලියන 60කට වැඩි යුධ ආධාර සම්බන්ධයෙනි.

ඊට හිලව් වශයෙන් යුක්‍රේනයේ වටිනා ඛනිජ සම්පත් අතුරින් ඩොලර් බිලියන 500ක් පමණ වටිනා ඛනිජ සම්පත්වල අයිතිය අමෙරිකාවට ලබාදෙන්නැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා යෝජනා කළේය. නමුත් යුක්‍රේනයේ ඊට එල්ල වූයේ දැඩි විරෝධයකි.

ඉන් අනතුරුව රාජ්‍ය නායකයින් දෙදෙනා අතර විරසකයක් මතු වූ අතර යුරෝපා සංගමයද ඊට මැදිහත් විය.

Exit mobile version