Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙරට ප්‍රථම ජල බැටරි විදුලි ව්‍යාපෘතිය දියත් කරයි

මෙරට ප්‍රථම ජල බැටරි විදුලි ව්‍යාපෘතිය දියත් කරයි

මෙරට ප්‍රථම ජල බැටරි විදුලි ව්‍යාපෘතිය දියත් කරයි

2025 ජනවාරි මාසය ශ්‍රී ලංකාවේ බලශක්ති ගමනේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලබන අතර රටේ ප්‍රථම ජල බැටරිය වන මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය දැවැන්ත ඉදිරි පියවරක් තබා තිබෙනවා.

ඒ අනුව මෙගාවොට් 600ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය, සූර්ය හා සුළං බලයෙන් ජනනය වන බලශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩා කර ඉල්ලුම ඉහළ යන විට එය නැවත විදුලිබල පද්ධතියට සපයනු ඇති.

2030 වන විට විදුලි උත්පාදනයෙන් සියයට 70ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන්, උත්පාදනය කිරීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සදහා මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් වනු ඇත.

මෙම ව්‍යාපෘතිය අරණායක සහ නාවලපිටිය ප්‍රදේශවල පිහිටුවන ජලාශ දෙකක්ල කිලෝමීටර් 2.5ක උමං මාර්ගයකින් සම්බන්ධ කර ක්‍රියාත්මක වන මහා පරිමාණ බලශක්ති ගබඩා කිරීමේ පද්ධතියක් බවද සඳහන්.

මෙමගින් ශ්‍රී ලංකාව තීරණාත්මක ලෙස පුනර්ජනනීය බලශක්තිය කරා යන පරිවර්ථනීය ගමන, පොසිල ඉන්ධන මත යැපීම අඩු කර වායු විමෝචනය සැලකිය යුතු ලෙස අවම කිරීමේ ඉලක්කය සපුරා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලක් සහතික කරමින් විදුලි ගාස්තු සඳහා වන බලපෑම් අවම කිරීම සඳහා ජාත්‍යන්තර ආයතනවලින් දිගුකාලීන අරමුදල් ලබා ගැනීම ලංකා විදුලිබල මණ්ඩලයේ අරමුණයි.

මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය මගින් නියෝජනය වන්නේ බලශක්ති ස්වාධීනත්වය, පුනර්ජනනීය බලශක්තිය අවශෝෂණය කර ගැනීම සඳහා පද්ධති සහාය, ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය සහ පාරිසරික තිරසාරභාවයයි.

Exit mobile version