Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දසුන් ශානකට ඇ.ඩො. 10,000ක දඩයක්

දසුන් ශානකට ඇ.ඩො. 10,000ක දඩයක්

දසුන් ශානකට ඇ.ඩො. 10,000ක දඩයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග එළැඹ ඇති තරග ගිවිසුම් කොන්දේසි කඩකිරීමේ චෝදනා මත දසුන් ශානකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අමෙරිකානු ඩොලර් 10,000ක දඩයක් නියම කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, දසුන් එම ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ තරගයකට සහභාගී වීම සෞඛ්‍ය හේතු මත ප්‍රතික්ෂේප කර ඇති බවයි.

ඊට අදාළව වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ දසුන් එම සහතිකය ඉදිරිපත් කළ දිනයේම ඩුබායි බලා පිටත්ව ගොස් එහිදී ඩුබායි ජාත්‍යන්තර ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වී තිබේ.

එය තමන් හා දසුන් අතර අත්සන් තැබුණු තරග ගිවිසුමේ වෘත්තීයභාවය, සුපිලිපන්භාවය සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් තිබිය යුතු කැපවීම යන විදිවිධාන උල්ලංඝණය කිරීමක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයේ සඳහන්ය.

සිද්ධියට අදාළව කෙරුණු පරීක්ෂණයකදී දසුන් තම ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කණාගාටුව ප්‍රකාශ කළ බවද එම නිවේදනයේ සඳහන්ය.

Exit mobile version