Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම අනුව තීක්ෂණ අංක 1ට

මහීෂ් තීක්ෂණ පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම්හි කැපී පෙනෙන ලෙස ඉදිරියට

මහීෂ් තීක්ෂණ පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම්හි කැපී පෙනෙන ලෙස ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අංක 1ට පැමිණ ඇත.

නිමාවූ ඔස්ට්‍රේලියාවට එරෙහි තරග 2කින් සමන්විත වූ එක්දින තරගාවලියේදී මහීෂ් දැක් වූ සුපිරි දක්ෂතා හේතුවෙන් ඔහුට මෙම කඩඉමට පැමිණීමට හැකිව තිබේ.

මහීෂ්ගේ පැමිණීමත් සමග මෙම ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමිකරගෙන සිටි ඇෆ්ගනිස්තානයේ රශීඩ් ඛාන්ට දෙවන ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය.

මහීෂ් එක්දින ශ්‍රේණිගතකිරීම්හි පළමු ස්ථානයට පැමිණි පළමු අවස්ථාවද මෙය වේ.

Exit mobile version