Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

පළාත් කිහිපයකට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ උතුර, උතුරුමැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.

ඒ අනුව අධික උණුසුම පවතින අවස්ථාවලදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මීට අමතරව කුඩා දරුවන්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මේ පිළිබඳ සැලකිලිමත්වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version