Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රු. ලක්ෂ 2ක් අල්ලස් ලබාගත් PHI අත්අඩංගුවට

පියල් මනම්පේරි අත්අඩංගුවට - සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය තහනම් කරයි

පියල් මනම්පේරි අත්අඩංගුවට - සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය තහනම් කරයි

රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් මහජන සෞඛ්‍ය පරික්ෂවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉබ්බාගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.

පැමිණිලිකරුගේ අවන්හලේ 2025 වර්ෂය සඳහා වෙළෙඳ බලපත්‍රය අලුත් කිරීමට ගලේවෙල ප්‍රාදේශීය සභාව වෙත භාරදී ඇති අයදුම්පත්‍රයට අදාළව, ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙළෙද සැලට පැමිණ පරීක්ෂා කර බැලිය යුතුව තිබී ඇති බව සඳහන්.

ඒ අනුව වෙළෙඳ බලපත්‍රය අලුත් කිරීමට අදාළ නිර්දේශය සහිත ලිපිය ප්‍රාදේශීය සභාවට ලබාදීම වෙනුවෙන් අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මෙම රුපියල් ලක්ෂ 2ක මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සිකුරාදා දින (14) ප.ව. 7.48ට පමණ තල්කිරියාගම, ශ්‍රී බුද්ධි ජයන්ති පන්සල අසල පාරේදී අදාළ අල්ලස් මුදල ලබාගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Exit mobile version