Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල් දමනවා – හමාස් සංවිධානය

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල් දමනවා - හමාස් සංවිධානය

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල් දමනවා - හමාස් සංවිධානය

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල් දමන බව හමාස් සංවිධානය පවසනවා.

හමාස් සන්නද්ධ අංශයේ ප්‍රකාශකයෙකු චෝදනා කර ඇත්තේ ඊශ්‍රායලය සටන් විරාම ගිවිසුම කඩ කරන බවයි.
පසුගිය දින කිහිපයේද ඊශ්‍රායලය සිවිල් ජනතාව ඉලක්ක කර ප්‍රහාර කිහිපයක් එල්ල කළ අතර විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.

මේ අතර ඊශ්‍රායලයේ රඳවා සිටින තවත් පලස්තීන සිරකරුවන් වෙනුවෙන් ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් තුන් දෙනෙකු සෙනසුරාදා නිදහස් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් සෙනසුරාදා වන විට ආපසු නොඑන්නේ නම් සටන් විරාමය අවලංගු කළ යුතු බව ඊශ්‍රායලයේ ප්‍රධාන මිතුරෙකු වන ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද යෝජනා කර තිබෙනවා.

පසුගිය 2023 වසරේ ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ හමාස් ප්‍රහාරයේදී ප්‍රාණ ඇපයට ගත් හැත්තෑතුන් දෙනකු තවමත් ගාසා තීරයේ රඳවා සිටිනවා.

Exit mobile version