Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වතුකරය ආශ්‍රිතව ආපදා අවදානම් සහිත පාසල් 35ක්

වතුකරය ආශ්‍රිතව ආපදා අවදානම් සහිත පාසල් 35ක්

වතුකරය ආශ්‍රිතව ආපදා අවදානම් සහිත පාසල් 35ක්

වතුකරය ආශ්‍රිතව ආපදා අවදානම් සහිත පාසල් 35ක් ඇති බවට අනාවරණය වී ඇතැයි බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා පැවැසීය.

ඉදිරියේදී එම පාසල් හඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව මලෛයග තමිළර් ප්‍රජාව සමඟ ඉකුත් බ්‍රහස්පතින්දා (06)පැවති වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදි ඇමැතිවරයා අනාවරණය කළේය.

එම ආපදා අවධානම් පාසල්වල ඉගෙනුම ලබන සිසුන් වැසි කාලය සඳහා ආරක්ෂිත ස්ථාන වෙත කැඳවා අධ්‍යාපන කටයුතු සිදු කරන බවත්, වර්ෂාව අවසන් වූ පසු නැවත එම පාසල් වෙත යැවෙන බවත් සාකච්ඡාවේදී අනාවරණය විය.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හරහා ආපදා අවධානම් සහිත සහ ආරක්ෂිත භූමිය හඳුනාගෙන, ඉතා කඩිනමින් මෙම පාසල් සුදුසු ස්ථානවල ස්ථානගත කිරීමටත්, ඒ හරහා දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කර ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමටත් සැලසුම් කර ඇති බව ඇති බව ඇමැතිවරයා කීවේය.

වතුකරයේ පාසල් 864ක් තිබෙන අතර, එයින් පාසල් 153ක් සඳහා පමණක් ඉඩම් අයිතිය තිබෙන බව මලෛයග තමිළර් සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු අනාවරණය කළ අතර, පාසල්වල ඉඩම් අයිතිය පිළිබඳ ගැටළුව වතු පාසල් සඳහා පමණක් සීමා වූ දෙයක් නොවන බවත්, සමස්ත පාසල් දහස් ගණනකට මෙම ඉඩම් අයිතියේ ගැටළුව පවතින බවත් ඇමැතිවරයා පැවැසීය.

එබැවින්, එම සියලු පාසල්වලට ඉඩම් අයිතිය ලබාදීමේ වැඩපිළිවෙළක් පිළිබඳ සාකච්ඡා සිදුකරන අතර, ඉදිරි කාලය තුළ එම ගැටළුව විසඳීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

Exit mobile version