Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ප්‍රාණ ඇපකරුවන් හා සිරකරුවන් පිරිසකට නිදහස

තවත් ප්‍රාණ ඇපකරුවන් හා සිරකරුවන් පිරිසකට නිදහස

තවත් ප්‍රාණ ඇපකරුවන් හා සිරකරුවන් පිරිසකට නිදහස

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ක්‍රියාත්මක සටන් විරාම ගිවිසුම යටතේ තවත් ප්‍රාණ ඇපකරුවන් හා සිරකරුවන් පිරිසක් නිදහස් කිරීම සිදුව තිබෙනවා.

හමාස් සංවිධානය භාරයේ පසුවූ ප්‍රාණ ඇපකරුවන් තුන් දෙනෙකු නිදහස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එම ප්‍රාණ ඇපකරුවන් රතුකුරුස සංවිධානයට භාරදීමෙන් අනතුරුව ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් හා එක්ව සිටින ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සටන් විරාම ගිවිසුම යටතේ ඊශ්‍රායලය තම භාරයේ සිටි සිරකරුවන් 183 දෙනෙකු නිදහස් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙපාර්ශ්වය අතර එළඹි සටන් විරාම ගිවිසුම යටතේ පසුගිය ජනවාරි 19වනදා සිට මේ දක්වා ප්‍රාණ ඇපකරුවන් 21 දෙනෙකු නිදහස් කිරීමට හමාස් සංවිධානය කටයුතු කර තිබෙනවා.

එමෙන්ම ඊශ්‍රායලය කාන්තාවන්, කුඩා දරුවන් ඇතුළු සිරකරුවන් 566 දෙනෙකු නිදහස් කිරීමටයි එම කාලය තුළදී පියවර ගෙන ඇත්තේ.

සටන් විරාම ගිවිසුමේ පළමු අදියර යටතේ සති තුනක කාලයක් තුළ ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු හා සිරකරුවන් 1,900ක පිරිසක් නිදහස් කිරීමට දෙපාර්ශ්වය අතර එකඟත්වය පළව තිබෙනවා.

Exit mobile version