Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කතරගම කපු මහත්වරුන්ට රු.කෝටි 60ක ආදායමක්

කතරගම කපු මහත්වරුන්ට රු.කෝටි 60ක ආදායමක්

කතරගම කපු මහත්වරුන්ට රු.කෝටි 60ක ආදායමක්

කතරගම දේවාලයේ කපු මහත්වරුන්ට වාර්ෂිකව රුපියල් කෝටි 60කට අධික (මිලියන 600) ආදායමක් හිමි වන බව වාර්තා වේ.

කපු මහත්වරුන් 10 දෙනකු කතරගම තේවාව භාරව කටයුතු කරන අතර, ඒ අනුව වසරකට එක් කපු මහතකුට ආසන්න වශයෙන් රුපියල් කෝටි 6ක මුදලක් හිමි වනු ඇත.

පසුගියදා විගණකාධිපතිවරයාගේ උපදෙස් මත මොනරාගල පිහිටි විගණන කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් කතරගම දේවාලයට ගොස් විගණන කටයුතු ආරම්භ කර තිබිණි.

බස්නායක නිලමේවරයාගේ කාර්යාලයට ලැබෙන සෑම ආධාරයක්ම විනිවිදභාවයකින් යුතුව වෙබ් අඩවියේ පළ කරන බවද ඒ විමර්ශනයේදී තහවුරු වී තිබිණි. එසේ වුවත් එවැනි විගණනයකට පෙර විහාර හා දේවාලගම් පනත අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා දැනුවත් කළ යුතු හෙයින් මේ විගණනය අතරමඟ නවතා ඇත.

මේ සම්බන්ධයෙන් කතරගම බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගෙන් ‘සිළුමිණ’ කළ විමසීමකදී ඔහු පැවසුවේ මේ විගණනය තමාට ලැබුණු දේව ආශීර්වාදයක් බවයි.

කතරගම දේවාලයේ ආධාර විනිවිදව පවත්වාගෙන යන ආකාරය මෙයින් අනාවරණය වනු ඇතැයිද බස්නායක නිලමේවරයා කීය. විගණනය කිරීම අනිවාර්ය බව පැවසූ නිලමේවරයා ප්‍රකාශ කළේ රජයේ අනෙක් ගිණුම් කටයුතු විගණනය වන්නා සේම දේවාලයේ ගිණුම් කටයුතුද විගණනය විය යුතු බවයි.

– සිළුමිණ

Exit mobile version