Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

GovPay ගෙවීම් පහසුකම දියත් කෙරේ

GovPay ගෙවීම් පහසුකම දියත් කරයි

GovPay ගෙවීම් පහසුකම දියත් කරයි

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස ‘GovPay’ නමින් හැඳින්වෙන ගෙවීම් පහසුකම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද දින (07) දියත් කළේය.

මෙරට ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය හෙවත් ICTA ආයතනය සහ ලංකා පේ (Lanka Pay) සමාගම ඒකාබද්ධව මෙම ‘GovPay’ වැඩසටහන දියත් කරනු ලබයි.

මේ යටතේ පළමු පියවර ලෙසින් ප්‍රධාන රාජ්‍ය ආයතනය 16ක මහජන සේවා ලබාගැනීමේදී අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් සිදුකිරීමට ජනතාවට අවස්ථාව අද දින (07) සිට උදා වේ.

එම ආයතන අතරට නගර සභා සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල කිහිපයක්ද ඇතුළත්ය.

ගම්පහ නගර සභාව, යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රඹුක්කන ප්‍රාදේශීය සභාව, රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද එම ආයතනය වේ.

තවද වරාය අධිකාරිය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික පිළිකා ආයතනය අපේක්ෂා සංවර්ධන කමිටුව, පරමාණුක බලශක්ති අධිකාරිය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, තාක්ෂණික අධ්‍යාපනය සහ පුහුණු දෙපාර්තමේන්තු යන ආයතනද GovPay’ වැඩසටහනට ඇතුළත්කර ඇත.

මීට අමතරව ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙන යාමත් අද දින (07) ආරම්භ විය. 1978 වසරේ සිට මේ දක්වා ජනාධිපති අරමුදලේ අයදුම්පත් භාර ගැනීම සිදුවූයේ කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් පමණි.

නමුත් අද දින (07) සිට දිවයිනේ ප්‍රදේශීය ලේකම් කාර්යාල 341ක් ඔස්සේ ජනාධිපති අරමුදලේ සේවාවන් ලබාගැනීමට අවස්ථාව සැලසේ.

එමෙන්ම ජනාධිපති විසින් දියත් කළ තෙවන වැඩසටහන වන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට විදේශයන්හි පිහිටි තානාපති කාර්යාල හරහා මාර්ගත ක්‍රමය (online)ඔස්සේ තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික ලබාගැනීමේ EBMD පහසුකමයි.

Exit mobile version