Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජය සතු වත්කම්වල නිවැරදි විගණනයක් මේ දක්වා සිදුකර නෑ – විගණකාධිපති

වැඩබලන විගණකාධිපතිට සේවා දිගුවක්

වැඩබලන විගණකාධිපතිට සේවා දිගුවක්

රජය සතු වත්කම් සම්බන්ධයෙන් නිවරදි විගණනයක් මේ දක්වා නිසි ආකාරයෙන් සිදුව නොමැති බව විගණකාධිපති ඩබ්ලිව්.පී. සී වික්‍රමරත්න මහතා පවසයි.

ඔහු පවසන්නේ රාජ්‍ය නිලධාරීන් රාජකාරී නිසි අයුරින් ඉටු නොකිරීම හේතුවෙන් මෙවැනි අර්බුද මතුව ඇති බවය.

කර්මාන්ත අමාත්‍යාංශය මඟින් කොළඹදී සංවිධානය කර තිබූ වැඩමුළුවක් අමතමින් විගණකාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා,

“රජයේ වත්කම් එකම තැනකින් ගන්න පුළුවන් කියලා සහතිකයක් දෙන්න පුළුවන් කාටද? ඕකට දේශපාලන හෝ අමාත්‍යවරු සම්බන්ධවෙලා නෑනේ. මේ ගිණුම්ගත කිරීම් කරන්නේ රාජ්‍ය නිලධාරීන්මයි. ඉතිං ඒ ටික එක තැනක නැත්තේ ඇයි? අඩුම ගානේ රජයේ වාහන කීයක් තියෙනවාද කියලා කියන්න පුළුවන්ද? ඇයි හේතුව ගිණුම්ගත කිරීම් කරානම් ඔය ටික වෙන්න ඕනා හැබැයි එහෙම වෙලා නෑ. මෑත කාලිනව අපේ විගනන වාර්තාවලින් විශාල තොරතුරු සංඛ්‍යාවක් ඉදිරිපත් වුණා. විවිධ ආයතනවල වාහන නෑ. අපි බොහොම සරල විදිහට තමයි චෙක් කළේ.”

Exit mobile version