Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අවිධිමත් ලෙස කසළ බැහැර කළ පිරිසක් අත්අඩංගුවට

අවිධිමත් ලෙස කසළ බැහැර කළ පිරිසක් අත්අඩංගුවට

අවිධිමත් ලෙස කසළ බැහැර කළ පිරිසක් අත්අඩංගුවට

හැටන් දික්ඔය නගර සභා සිමාවේ මහජනතාව ගැවසෙන පොදු ස්ථානවල අවිධිමත් ලෙස කැලි කසල බැහැර කල ප්‍රදේශවාසින් පස්දෙනෙකු හැටන් පොලිසියේ පරිසර ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අතර කාන්තාවන් කිහිපදෙනෙකු සිටින බවත්,අදාල සැකකරුවන් රාත්‍රි කාලයේ ඉතා සුක්ෂම ලෙස නිවසේ එක්රැස් වන කැලි කසල පොලිතින් උර වල දමා රැගෙනවිත් නගරයේ පොදු ස්ථානවල බැහැර කර ඇති බව සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් පවසා ඇත.

මෙම වැටලිම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සමග එක්ව සිදු කල බවත්, සැකකරුවන් ඇප මත මුදා හැර සැකකරුවන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවද වැටලිමට එක් වු නිලධාරින් පවසා සිටියේය.

Exit mobile version