Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නීතිවිරෝධීව ගෙන ආ ඉඟුරු කිලෝ 1,839ක් සමග 4 දෙනෙක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ගෙන ආ ඉඟුරු කිලෝ 1,839ක් සමග 4ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ගෙන ආ ඉඟුරු කිලෝ 1,839ක් සමග 4ක් අත්අඩංගුවට

නීතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද ඉඟුරු තොගයක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (01) උදෑසන කල්පිටිය පොලිස් වසමේ කන්දකුඩාව ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්ය.

එහිදී ඔවුන් සතුව තිබී ඉඟුරු කිලෝග්‍රෑම් 1,839ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුන් අවුරුදු 18, 34, 37 සහ 44ක් වයස්වල පසු වන මදුරන්කුළිය සහ පුත්තලම ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version