Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇල්ල ඔඩිසි – මහනුවර දුම්රිය මංගල ගමන අරඹයි

ඇල්ල ඔඩිසි – මහනුවර දුම්රිය මංගල ගමන අරඹයි

ඇල්ල ඔඩිසි – මහනුවර දුම්රිය මංගල ගමන අරඹයි

උඩරට මාර්ගයේ විදේශීය සංචාරක ආකර්ෂණය අධිකම කොටස වන මහනුවර සිට ඇල්ල දක්වා වන කොටසේ සිරි නැරඹීම වෙනුවෙන් දෙස් විදෙස් සංචාරකයන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදුන් නව විශේෂ දුම්රිය අද (01) උඋදෑසන 09.45ට මහනුවර දුම්රිය ස්ථානයෙන් සිය මංගල ගමන ආරම්භ කෙරිණි.

එම දුම්රිය සෑම සති අන්තයකම සෙනසුරාදා හා ඉරිදා දින වල ධාවනයට යොදා ඇති අතර එම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 09.45 පිටත්ව පස්වරු 05.22ට දෙමෝදර දුම්රිය ස්ථානය වෙත ළගාවීමට නියමිතය. එමෙන්ම එම දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පස්වරු පස්වරු 06.00 නැවත මහනුවර බලා පිටත් වීමට නියමිතය.

මෙම දුම්රියේ පළමු පන්තියේ වෙන්කළ ආසන 176ක්ද,දෙවන පංතියේ වෙන්කළ ආසන 176ක්ද, තෙවන පංතියේ වෙන්කළ ආසන 44 ලෙස ආසන 396 ඇත. පළමු, දෙවන, තෙවන පංතිවල ගාස්තු පිළිවෙළින් රු.7000/=, 6000/=, 5000/= ලෙස පවතී.

පේරාදෙණිය, නාවලපිටිය, හැටන්, ග්‍රේට්වෙස්ටර්න්, නානුඔය, පට්ටිපොළ, ඔහිය, ඉදල්ගස්හින්න, හපුතලේ, බණ්ඩාරවෙල, ඇල්ල යන දුම්රිය ස්ථානවල පමණක් සහ ආරුක්කු නවය පාලමේ මිනිත්තු 10 පමණ නවත්වා ධාවනය කරනු ඇත.

ඊට අමතරව තෝරාගත් නැරඹුම් ස්ථානවල දුම්රිය සෙමින් ධාවනයේ යෙදේ.

Exit mobile version