Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසර 2100දී ගෝලීය මුහුදු මට්ටම අඩි 6කුත්, අඟල් 2කින් ඉහ­ළට – සිංග­ප්පූ­රුවේ විද්‍යා­ඥ­යන්

වසර 2100දී ගෝලීය මුහුදු මට්ටම අඩි 6කුත්, අඟල් 2කින් ඉහ­ළට - සිංග­ප්පූ­රුවේ විද්‍යා­ඥ­යන්

වසර 2100දී ගෝලීය මුහුදු මට්ටම අඩි 6කුත්, අඟල් 2කින් ඉහ­ළට - සිංග­ප්පූ­රුවේ විද්‍යා­ඥ­යන්

ගෝලීය දේශ­ගු­ණික විප­ර්යාස පාල­නය කිරීම අභි­යෝ­ග­ය­කට ලක් කර­මින් කාබන් ඩයො­ක්ස­යිඩ් විමෝ­ච­නය තව­දු­ර­ටත් ඉහළ යන්නේ නම් වසර 2100 වන විට ගෝලීය මුහුදු මට්ටම අඩි 6කුත්, අඟල් 2ක් දක්වා ඉහළ යනු ඇතැයි සිංග­ප්පූ­රුවේ නන්යැංග් තාක්ෂ­ණික විශ්ව­වි­ද්‍යා­ලයේ විද්‍යා­ඥ­යන් අන­තුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එවැනි දරුණු තත්ත්ව­යන්ට හේතු­වන කරුණු සොයා බලා ඒ සඳහා කඩි­නම් පිය­වර ගැනීම ලෝක රාජ්‍ය නාය­ක­යන් සතු වග­කී­මක් බව එම අධ්‍ය­ය­නය සිදු කළ නන්යැංග් තාක්ෂ­ණික විශ්ව­වි­ද්‍යාල පර්යේ­ෂණ කණ්ඩා­යමේ ප්‍රධානි ආචාර්ය බෙන්ජ­මින් ග්‍රැන්ඩේ ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ.

දේශ­ගු­ණික විප­ර්යා­ස­ව­ලට කඩි­නම් විස­ඳුම් සොයා ගෝලීය උෂ්ණ­ත්වය නිය­මිත මට්ටමේ රඳවා තබා ගැනීම අත්‍ය­වශ්‍ය කරු­ණක් වී ඇතැයිද ආචාර්ය ග්‍රැන්ඩේ වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබේ.

තවත් වසර 75කින් ගෝලීය මුහුදු මට්ටම අඩි 6කුත්, අඟල් 2කින් ඉහළ යෑමෙන් අමෙ­රි­කාව, බ්‍රිතාන්‍ය ඇතුළු ලොව පුරා රට­වල් රැසක නගර ගණ­නා­වක් ජල­යෙන් යට­වනු ඇතැයිද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. කාබන් විමෝ­ච­නය ඉහළ යෑමෙන් මේ වන­වි­ටත් ලොව පුරා ග්ලැසි­යර් දිය­වීම සහ ගිනි කඳු විදා­ර­ණය ඉහළ ගොස් ඇතැයිද, සුළි කුණාටු, පාල­නය කළ නොහැකි ළැව් ගිනි සහ වාර්තා­ගත වර්ෂා­ප­ත­නය, ගංව­තුර සහ භූමි­කම්පා හේතු­වෙන් වාර්ෂි­කව ලොව පුරා සැල­කිය යුතු විනා­ශ­යක් සිදුවී ඇතැයිද විද්‍යා­ඥ­යන් පෙන්වා දී තිබේ.

Exit mobile version