Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අල්ලස් ගත් ආගමන විගමන නිලධාරීවරයෙකු අත්අඩංගුවට

RMV අසළ අල්ලස් ගැනීමට උත්සාහ කළ තැරැව්කරුවෙකු අත්අඩංගුවට

RMV අසළ අල්ලස් ගැනීමට උත්සාහ කළ තැරැව්කරුවෙකු අත්අඩංගුවට

වීසා නොමැතිව රැඳී සිටි පුද්ගලයෙකු නිදහස් කර ගැනීමට රුපියල් ලක්ෂ 5ක අල්ලස් මුදලක් ලබා ගත් ආගමන විගමන නිලධාරීවරයෙක් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

නල්ලූර් උතුර, යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ නිලධාරිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පැමිණිලිකරු වැලිසර ආගමන විගමන රැඳවුම් මධ්‍යස්ථානයෙන් නිදහස් කර ගැනීමට අවශ්‍ය කටයුතු කර දීමට එම මධ්‍යස්ථානයේ සේවයේ නියුතු අදාළ නිලධාරීවරයා විසින් පැමිණිලිකරුගෙන් මෙම මුදල ඉල්ලා තිබේ.

ඒ අනුව අදාළ නිලධාරිවරයා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැලිසර රැඳවුම් මධ්‍යස්ථානය තුළදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version