Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අපරාධ කල්ලි මර්දනයට පොලිස් ස්ථාන සඳහා STF කුඩා කණ්ඩායම්

රු.3,28,40,000ක මුදලක් හා ග්‍රැම් 150ක රන් භාණ්ඩ සමග බුද්ධි නිලධාරියෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට

රු.3,28,40,000ක මුදලක් හා ග්‍රැම් 150ක රන් භාණ්ඩ සමග බුද්ධි නිලධාරියෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි අතර වෙඩි තැබීම් මැඩපැවැත්වීමේ අරමුණින් අපරාධ මර්දන මෙහෙයුම් වෙනුවෙන් කොළඹ නගරයේ පොලිස් ස්ථාන සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට පියවර ගෙන තිබේ.

මෙම වසරේ ගත වූ කාලසීමාව තුළ අපරාධ කල්ලි අතර වෙඩි තැබීම් 07ක් සිදුවී ඇති අතර, ඉන් බහුතරය වාර්තා වී ඇත්තේ කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලිනි.

එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 05 දෙනෙකු මියගොස් තිබේ.

මෙම වෙඩිතැබීම් වැලිගම, අත්තිඩිය, බඩෝවිටින්, ගල්කිස්ස, කොහුවල සහ මන්නාරමෙන් වාර්තා විය.

පවතින තත්ත්වය හමුවේ වෙඩි තැබීම් මැඩපැවැත්වීම සඳහා සහාය අවශ්‍ය බව හඳුනාගෙන ඇති පොලිස් ස්ථාන සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ කුඩා කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

කෙසේවෙතත්, සාමාන්‍ය පොලිස් ස්ථානවලට විශේෂ කාර්ය බළකාය යොදවනු ලබන පළමු අවස්ථාව මෙය බවද සඳහන් වේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට අමතරව අපරාධ ක්‍රියාකාරකම් බහුලව පවතින ප්‍රදේශවල දිවා හා රාත්‍රී කාලයේදී හදිසි මාර්ග බාධක ස්ථාපිත කර ජංගම මුර සංචාර වැඩි කිරීමටද පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Exit mobile version