ගජමුතු 07ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු දිවුලපිටිය නගරය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඉරිදා දින (19) පස්වරුවේ දිවුලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.
සැකකරුවන් විසින් මෙම ගජමුතු රුපියල් දෙකෝටි විසි ලක්ෂයක මුදලකට විකිණීමට සුදානම් කර තිබී ඇත.
ග්රෑම් 13 මිලිග්රෑම් 05ක් පමන වූ ගජමුතු 07ක් සැකකරුවන් සන්තකයේ තිබී හමු වු බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 හා 33 වයස්වල පසුවන මාතලේ හා මහවෙල ප්රදේශවල පදිංචිකරුවන් වන අතර දිවුලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.