Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මේ මස සිට නව ඩිජිටල් හැඳුනුම්පතක්

මේ මාසයේ සිට ඩිජිටල් හැඳුනුම්පතක්

මේ මාසයේ සිට ඩිජිටල් හැඳුනුම්පතක්

ඩිජිටල් හැඳුනුම්පත මේ මාසයේ සිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (14)පැවති මාධ්‍ය හමුවකදීය.

අලුතින් ලබාදෙන සියලුම හැඳුනුම්පත් ඩිජිටල් කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වනවිටත් හැඳුනුම්පත් ලබාගැනීමේ විශාල පරක්කුවක් පවතින බැවින් එය අවම කිරීමට මේ තුළින් කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය සකස් කිරීමට රු.බිලියන 20ක් වැනි පිරිවැයක් දැරීමට සිදුවන බැවින් ඉන් අඩක් හෝ ඉන්දීය ආධාර යටතේ ලබාගැනීමට තීරණය කර ඇති බවද එරංග වීරරත්න මහතා සඳහන් කළේය.

Exit mobile version