මීගමුව කොට්ඨාස බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව ඒතුතු කාල ප්‍රදේශයේදී මහා පරිමාණ ගංජා ව්‍යාපාරයක කොටස්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී එක්කෝටි පන් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් ගංජා කිලෝ 35 ග්‍රෑම් 565ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රිස්වි නගර අසල කාත්තංකුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 21 හැවිරිදි තරුණයෙකි.
සැකකරුට අමතරව ගංජා ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා කුලී පදනම මත ලබාදුන් නිවසේ හිමිකම දරන කාන්තාවක්ද සිද්ධියට අනුබල දීමේ චෝදනාව මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒත්තුකාල ප්‍රදේශයේ නිවසක් මසකට රුපියල් හතළිස් දහසක බදු කුලී පදනම යටතේ ලබාගෙන සැකකරු විසින් මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති අතර පොලීසිය මෙම ස්ථානය වටලන අවස්ථාවේදී බෙදා හැරීම සඳහා ගංජා පාර්සල් වශයෙන් සකස් කර තිබූ බවද පොලීසිය පැවසීය.
සැකකරු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරති.