Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලොස් ඇන්ජලීස් ලැව් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළට

ලොස් ඇන්ජලීස් ලැව් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළට

ලොස් ඇන්ජලීස් ලැව් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළට

ලොස් ඇන්ජලීස් හි ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් තවදුරටත් දැඩි වෙහෙසක් දරමින් සිටිනවා.

එමෙන්ම මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වන්නේ. අඛණ්ඩව හයවන දිනටත් ලැව්ගිනි ව්‍යාප්ත වෙමින් පවතියි. පුද්ගලයින් 16 දෙනෙකුද අතුරුදන්ව සිටින අතර 100,000කට වැඩි පිරිසක් මේ වනවිට ඉවත් කර ඇති අතර, නිවාස හා ගොඩනැගිලි 12,000කට හානි සිදුව තිබේ.

මේ අතර ලැව්ගිනි හේතුවෙන් සිදුව ඇති හානිය ඩොලර් බිලියන 135 සිට ඩොලර් බිලියන 150 දක්වා වැඩි විය හැකි බවයි වාර්තා වන්නේ.

බොහෝ පිරිසක් නිවාස වලින් ඉවත් කිරීමත් සමග ලොස් ඇන්ජලිස් හි කොල්ලකෑම්ද ඉහල ගොස් තිබෙනවා. එවැනි කොල්ලකෑම් සම්බන්ධයෙන් පුද්ගලයින් 29 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගිනි නිවන භටයන් ලෙස පෙනී සිටිමින් ඔවුන් සොරකමේ නිරතව තිබුනා.

ප්‍රදේශයේ සිටින ජාතික ආරක්ෂක භටයින් සංඛ්‍යාව 400 සිට 1,000 දක්වා වැඩි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Exit mobile version