Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලැව්ගිනි හේතුවෙන් අමෙරිකාවේ ප්‍රදේශ රැසකට රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය

ලැව්ගිනි හේතුවෙන් අමෙරිකාවේ ප්‍රදේශ රැසකට රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය

ලැව්ගිනි හේතුවෙන් අමෙරිකාවේ ප්‍රදේශ රැසකට රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය

මෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් සහ අවට ප්‍රදේශවල රාත්‍රී කාලයේ ඇදිරි නීතිය පැනවීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ ලැව්ගිනි හේතුවෙන් නිවාස අතහැර ගොස් ඇති ජනතාවගේ දේපළ සොරකම් කිරීමේ සිද්ධි වාර්තාවීමත් සමගයි.

පැතිර යන ලැව්ගිනි හේතුවෙන් නිවාස ඇතුලු ගොඩනැගිලි 10,000 කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය. ලැව්ගිනි හේතුවෙන් පුද්ගල මරණ 11ක් වාර්තා වන අතර, 180,000 කට වැඩි පිරිසක් ආරක්ෂක ස්ථාන කරා යොමු කර ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර ගිනි නිවන භටයින්ට ගින්න මැඩපැවැත්වීම සඳහා ප්‍රමාණවත් ජලය නොමැති බවට කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විවේචන රැසක්ද එල්ල වී තිබේ.

මේ අතර ලොස් ඇන්ජලීස් ගිනි නිවන ප්‍රධානියා පවසා ඇත්තේ අයවැය කප්පාදුව ලැව්ගිනි මැඩපැවැත්වීමේ හැකියාවට බලපාන බවය. ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ අයවැය කප්පාදුව තම කණ්ඩායමේ ලැව්ගිනි මැඩපැවැත්වීමේ හැකියාවට සෘණාත්මක බලපෑමක් එල්ල කර ඇති බවය.

මේ අතර මෙම ව්‍යාප්තව යමින් පවතින ගින්න හේතුවෙන් අමෙරිකාවේ රංගන ශිල්පියෙකු මෙන්ම ඔස්කාර් සම්මානලාභී ඇන්තනී හොප්කින්ස්ගේ නිවසද විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නිවස ගිනි ගැනීමෙන් පසු පණිවිඩයක් යොමු කරමින් ඔහු පවසා ඇත්තේ මෙම ගිනිගැනීම්වල විනාශයෙන් සුවය ලැබීමට අප සියලු දෙනා අරගල කරන විට අප සමඟ රැගෙන යන එකම දෙය අප ලබා දෙන ආදරය බව මතක තබා ගැනීම වැදගත් බවය.

මෙම ගින්න හේතුවෙන් අමෙරිකාව නොයෙකුත් ගැටළු රාශ්‍රියකට මේ වන විට මුහුණ දෙමින් සිටිති.

සැන් විසෙන්ට් බොලිවාර්ඩ් හී උතුරුන් පිහිටි ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ජල නල මාර්ගවලින් පැමිණෙන ජලය පානය කිරීමේ වලකින ලෙස නිවේදනයක්ද නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ ජල පද්ධතියට ඇතුළු වී ඇති ගින්න ආශ්‍රිත දූෂක විභවය හේතුවෙන් බවද සඳහන් වේ.

මේ හේතුවෙන් පානිය ජල මාර්ගවලින් ලබා ගන්නා ජලයෙන් ආහාර පිසීම හෝ නොකළ යුතු බවත් උණු වතුර භාවිතය සීමා කළ යුතු බවත් එහි සඳහන්ව තිබේ. අඟහරුවාදා සිට ඇවිළී ගොස් පවතින මෙම ගින්න මැඩපැවැත්වීමට නිලධාරීන් කටයුතු කරන බැවින් ඉවත් කිරීම් නියෝග පුළුල් කිරීමටද කටයුතු කර තිබේ.

තවද තද සුළං සඳහා වන පුරෝකථනයක් මගින් ගින්න තවදුරටත් පැතිර යා හැකි බවටද අනතුරු අඟවා තිබේ.

කෙසේ නමුත් අමෙරිකාවේ හටගත් මෙම ගින්න තවමත් පාලනය කිරීමට නොහැකිව තිබේ.

Exit mobile version