Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමෙ­රි­කාවේ දකු­ණට දරුණු හිම­කු­ණා­ටු හා­ බට­හි­රට දැඩි සුළං තත්ත්ව­යක් සමඟ ළැව් ගිනි

අමෙ­රි­කාවේ දකු­ණට දරුණු හිම­කු­ණා­ටු­ බට­හි­රට දැඩි සුළං තත්ත්ව­යක් සමඟ ළැව් ගිනි

අමෙ­රි­කාවේ දකු­ණට දරුණු හිම­කු­ණා­ටු­ බට­හි­රට දැඩි සුළං තත්ත්ව­යක් සමඟ ළැව් ගිනි

අමෙ­රි­කාවේ දකු­ණෙන් පිහිටි ෆ්ලොරිඩා, මිසි­සිපි ඇතුළු ප්‍රාන්ත රැස­කට දරුණු හිම­කු­ණා­ටු­ව­ලින් බල­පෑම් එල්ල වෙද්දි බට­හි­රින් පිහිටි කැලි­ෆෝ­නි­යාවේ දැඩි සුළං තත්ත්ව­යක් සමඟ ළැව් ගිනි පැතිරී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කැලි­ෆෝ­නි­යාවේ ලොස් ඇන්ජ­ලීස් නුවර ළැව් ගින්න දරුණු අතට හැරී ඇතැයිද, එහි හදිසි තත්ත්ව­යක් ප්‍රකා­ශ­යට පත් කර ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. කැලි­ෆෝ­නියා නුවර පෙරේදා අක්කර 10කින් ආරම්භ වූ බව කියන ළැව් ගින්න පැය කිහි­ප­යක් ඇතු­ළත අක්කර 2,900කට වඩා බිලි­ගෙන ඇතැයි වාර්තා වේ.

අධික සුළං සමඟ වේග­යෙන් පැතිරී යන ළැව් ගින්න පාල­නය කිරී­මට ලොස් ඇන්ජ­ලීස් නුවර ගිනි නිවන හමු­දාව දැඩි උත්සා­හ­යක නිර­ත­වන බවත්, තිස්ද­හ­ස­කට වැඩි ජන­තාව එම ප්‍රදේ­ශ­ව­ලින් ඉවත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. 1,400කට වැඩි ගිනි නිවන භට­යන් පිරි­සක් මෙහෙ­යුම් සඳහා යොදවා ඇති අතර, ගුවන් හමුදා හෙලි­කො­ප්ටර් යානා රැසක්ද ගින්න මැඬපැවැ­ත්වී­මට ගුව­නින් සහාය දෙමින් සිටින බව වාර්තා වේ.

කැලි­ෆෝ­නි­යා­වට නුදු­රින් පැසි­ෆික් සාග­රය සහ සාන්ත මොනිකා කඳු­ක­රය ආස­න්නයේ පිහිටි ප්‍රදේශ රැසක් මේ වන­වි­ටත් ගින්නට බිලි වී ඇතැයිද, එහි පදිං­චි­ක­රු­වන් නිවාස, දේපළ සහ රථ­වා­හන හැර­ගොස් ඇතැයිද වාර්තා වේ.

Exit mobile version