Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තවත් සිසුන් පිරිසකට රු. 6000 දීමනාව

පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ගැන අනාවරණයක්

පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ගැන අනාවරණයක්

සිසුන් 300ට අඩු සියලුම පාසල්වල, අස්වැසුම ප්‍රතිලාභය හිමි නොවන සිසුන්ට පාසල් උපකරණ ලබාගැනීම සඳහා වන රුපියල් 6,000ක දීමනාව ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එමෙන්ම ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින ළමුන්ට සහ පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවිදි සිසුන් සඳහාද එම දීමනාව ලබාදීමට තීරණය කර ඇති බව සඳහන්.

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.

අදාළ දීමනාව වවුචර් පතක් ලෙස ලබාදීමට නියමිතයි.

ඒ අනුව දිවයින පුරා පිහිටි සමස්ත පාසල් 10,096ක් අතුරින් ළමුන් සංඛ්‍යාව 300ට අඩු පාසල් 6,576ක අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම ළමුන්ට, ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට පාසල් වෙත පැමිණෙන ළමුන්ට සහ පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවිදි සිසුන්ට රුපියල් 6,000/-ක් බැගින් වූ ලිපිද්‍රව්‍ය දීමනාව හිමිවනු ඇති.

Exit mobile version