Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩුව ගැන දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක්

රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් හිමිකමට සංශෝධනයක්

රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් හිමිකමට සංශෝධනයක්

විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත විශේෂ දැනුම් දීමක් සිදුකර තිබේ.

අදාළ නිවාඩු අනුමත කිරීමේදී දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් එමගින් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

2022 වසරේ ජුනි මස 22වන දින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව වැටුප් රහිත නිවාඩු ලබාදීමේදී සිදුවන අක්‍රමිකතා මඟහරවා ගැනීම සඳහා එම උපදෙස් මාලාව නිකුත් කර තිබේ.

ඇතැම් රාජ්‍ය නිලධාරීන් වසර 05ක් සඳහා දේශීය නිවාඩු ලබාගෙන එම නිවාඩු අවලංගු කිරීමකින් තොරව විදේශ නිවාඩු අයදුම් කිරීමේ සිදුවීම්ද වාර්තා වන බැවින් ඒ පිළිබඳව නිවාඩු අනුමත කිරීමට පෙර සලකාබලන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම්දී ඇති බව සඳහන්ය.

විදේශ නිවාඩු අයදුම්පත් යොමු කිරීමේදී නිලධාරීන් විසින් මීට පෙර ලබා ඇති දේශීය හා විදේශීය නිවාඩු පරීක්ෂා කර ආවරණ ලිපිවල ඒ පිළිබඳව පැහැදිලිව සටහන් කළ යුතු බව අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දී ඇත.

Exit mobile version