ගාසා තීරයේ රෝහල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම අත්හිටුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඊශ්‍රාලයෙන් ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හ්නෝම් සඳහන් කරන්නේ.
උතුරු දිග ගාසා තීරයේ කමල් අද්වාන් රෝහලේ රෝගීන් හා කාර්ය මණ්ඩලය බලහත්කාරයෙන් ඉවත් කිරීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ පසුගියදා කටයුතු කිරීමත් සමගයි ලෝක සෞඛ්‍ය ප්‍රධානියා මේ බව නිවේදනය කළේ.
එමෙන්ම ගාසා නගරයේ තවත් රෝහල් දෙකක් ඉලක්ක කරගනිමින්ද පසුගිය ඉරිදා ඊශ්‍රායල ප්‍රහාර එල්ල කළා.
රෝහල් තුළ හමාස් සාමාජිකයින් රැදි සිටින බව පවසමිනුයි ඊශ්‍රායල ප්‍රහාර එල්ල කරන්නේ.