Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලීසියට තුටු පඬුරු(HAMPERS) පිරිනැමීම තහනම් වේ

පොලිස් ස්ථානාධිපතිවරුන් 139 දෙනෙකුට ස්ථාන මාරු; 53කට තනතුරු අහිමි වෙයි

පොලිස් ස්ථානාධිපතිවරුන් 139 දෙනෙකුට ස්ථාන මාරු; 53කට තනතුරු අහිමි වෙයි

නව අවුරුදු උදාව, සිංහල හින්දු අලුත් අවුරුද්ද වැනි විශේෂ අවස්ථාවල දී සිය ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට සුබපැතීමේ දී මින් ඉදිරියට තුටු පඬුරු (HAMPERS) පිරිනැමීම මෙන්ම තුටු පඬුරු භාර ගැනීම තහනම් කරමින් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සෑම තරාතිරමකම පොලිස් නිලධාරින්ට සහ පොලීසියේ සිවිල් කාර්ය මණ්ඩලයට නියෝගයක් ඊයේ දින (30) නිකුත් කර තිබේ.

එම නියෝගයෙන් වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට විශේෂ අවස්ථාවල සුබ පැතීමේ දී එහි අංගයක් ලෙස තුටු පඬුරු පිරිනැමීම පුරුද්දක් කරගෙන ඇති බවය.

එබැවින් මින් ඉදිරියට කිසිදු අවස්ථාවක දී කිසිදු නිලධාරියකු තමන්ට ලැබෙන තුටුපඬුරු භාර නොගත යුතු බවත් තුටුපඬුරු ලබා නොදිය යුතු බවත් වැඩබලන පොලිස්පතිවරයා අවධාරණයෙන් සඳහන් කර තිබේ. කිසියම් නිලධාරියකුට මෙවැනි විශේෂිත අවස්ථාවක මා හට හෝ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට සුබ පැතීම සඳහා අවශ්‍ය වන්නේ නම්, පුද්ගලිකව හමුවීමට අවශ්‍ය නොවන බව පෙන්වා දෙන වැඩබලන පොලිස්පතිවරයා දුරකතන ඇමතුමකින් හෝ වට්ස් ඇප් මඟින් හෝ කෙටි පණිවුඩයක් යොමු කිරීමෙන් සුබ පැතිය හැකි බව සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොලීසියේ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ටද අදාළ වන ආකාරයට නිකුත්කර ඇති එම නියෝගයේ දැක්වෙන්නේ මෙම උපදෙස්වලට පටහැණි ලෙස ක්‍රියා කරන නිලධාරින්ට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා බවය.

Exit mobile version