Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් මාස 6කට අත්හිටුවයි

පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් මාස 6කට අත්හිටුවයි

පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් මාස 6කට අත්හිටුවයි

2025 වර්ෂයට අදාළ පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීම මාස හයකට අත්හිටුවා තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා විසින් ඊට අදාළ නියෝගය පසුගිය අඟහරුවාදා දිනයේ නිකුත්කර ඇති බව සඳහන්ය.

ඒ අනුව ලබන වසරේ ජනවාරි මස පළමුවැනි දිනට ක්‍රියාත්මක කිරීමට නියමිත 2025 වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කළ යුතු දිනය එම වසරේ ජුනි මස 30වන දින දක්වා දීර්ඝ කර තිබේ.

අත්‍යාවශ්‍ය හේතුන් මත එදිනට පෙර වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිලධාරින් සිටි නම් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් සකස් කර නියෝජ්‍ය පොලිස්පති මානව සම්පත් කළමණාකරන සහ ජාත්‍යන්තර සබඳතා දිසාව වෙත යොමුකිරීමට කටයුතු කළ යුතු බව වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

කෙසේ වෙතත් රාජකාරි අවශ්‍යතා මත 2025 වාර්ෂික ස්ථානමාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීමට මෙම නියෝගය බාධාවක් නොවන බවද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා දැනුම් දී තිබේ.

Exit mobile version