Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ දරුවන්ගෙන් 50%කට මන්දපෝෂණය

පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ දරුවන්ගෙන් 50%කට මන්දපෝෂණය

පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ දරුවන්ගෙන් 50%කට මන්දපෝෂණය

පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ දරුවන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පීඩා විඳින බව මෑතකදී එරට පෝෂණය පිළිබඳ සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය.

දැඩි ආහාර හිඟය හේතුවෙන් එම කලාපයේ දරුවන්ගෙන් 49.6%ක් එම තත්ත්වයට පත්වී ඇතැයිද, ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමට එය හේතුවී ඇතැයිද පාකිස්තාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පසුගිය වසර කිහිපය තුළ උද්ගත වූ ගංවතුර හා නියඟ වැනි ස්වභාවික විපත්ද ඊට හේතු වී ඇතැයි වාර්තා වේ.

දැනටමත් එම දරුවන්ගෙන් වැඩි දෙනකු සරම්ප වැනි මාරාන්තික රෝගවලට ගොදුරුවී සිටින බවත්, ඔවුන්ගේ ශාරිරීක වර්ධනය සහ නියමිත බර පවත්වාගෙන යෑමට විශේෂිත රැකවරණයක් සහ අධීක්ෂණයක් අත්‍යවශ්‍ය වී ඇති බවත් ප්‍රාන්ත සෞඛ්‍ය නිලධාරීන් ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ.

ප්‍රමාණවත් මුදල් නොමැතිවීමෙන් බලුකිස්තාන ප්‍රාන්තයේ මන්දපෝෂණයට එරෙහිව පියවර ගැනීමට නිලධාරීන් අසමත්වී ඇති අතර, ඒ සඳහා කඩිනම් පියවර ගන්නැයි බලුකිස්තාන ප්‍රාන්ත නිලධාරීන් මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

Exit mobile version