Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාතික ඔලිම්පික් කමිටුවට ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවීමට තීරණයක්

ජාතික ඔලිම්පික් කමිටුවට ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවීමට තීරණයක්

ජාතික ඔලිම්පික් කමිටුවට ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවීමට තීරණයක්

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් සහ ආසියානු ඔලිම්පික් කමිටුවෙන් මෙරට ඔලිම්පික් කමිටුවට ලබාදෙන අරමුදල් අත්හිටුවීමට තීරණය කර තිබේ.

කෙසේවෙතත් ඔලිම්පික් ශිෂ්‍යත්ව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුකරන සෘජු ගෙවීම් එලෙසම ක්‍රියාත්මක කෙරෙන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ජාතික ඔලිම්පික් කමිටුව වෙත ඊමේල් පණිවුඩයකින් දන්වා ඇත.

ඒ අනුව ජාතික ඔලිම්පික් කමිටු විශේෂ මහ සභා රැස්වීමක් සිකුරාදා දින (13)පැවති අතර එහිදී තීරණය කළේ ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය කඩිනමින් පැවැත්විය යුතු බවය.

කෙසේවෙතත් කමිටුවේ වත්මන් නිල කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2026 අප්‍රේල් මාසයේදීය.

පසුගිය සිකුරාදා (13) රැස්වූ විශේෂ මහ සභා රැස්වීමේදී ඉක්මනින් නිලවරණයක් පැවැත්වීමේ යෝජනාව තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වී තිබේ.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිර්දේශ ලබාගැනීමෙන් පසුව ජාතික ඔලිම්පික් කමිටුවේ මීළඟ නිලවරණය එළඹෙන වසරේ මාර්තු මාසයට පෙර පැවැත්වීමට සැලසුම් කරන බව වාර්තා වෙයි.

කෙසේවෙතත් මේ වනවිට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් සහ ආසියානු ඔලිම්පික් කමිටුවෙන් මෙරට ඔලිම්පික් කමිටුවට ලබාදෙන අරමුදල් දෙසැම්බර් 10 වනදා සිට අත්හිටුවා තිබේ.

Exit mobile version