Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමාත්‍යාංශ 5 කට වැඩබලන අමාත්‍යවරු

ආපදාවට පත් ජනතාවට රජයෙන් ලබාදෙන රු.50,000 දීමනාව 70%කට ගෙවා අවසන් – ජනාධිපති මාධ්‍ය අංශය

ආපදාවට පත් ජනතාවට රජයෙන් ලබාදෙන රු.50,000 දීමනාව 70%කට ගෙවා අවසන් – ජනාධිපති මාධ්‍ය අංශය

අමාත්‍යාංශ 05ක වැඩ බැලීමට නියෝජ්‍ය අමාත්‍යවරු 05 දෙනෙකු පත් කර තිබේ.

ඒ ජනාධිපතිවරයා ඇතුළු ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ නිල ඉන්දීය සංචාරය හේතුවෙනි.

ඒ අනුව, ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස පත් කර ඇත්තේ, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතායි.

ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පත් කර ඇත.

මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කර ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පත් කර ඇත්තේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙසයි.

කම්කරු වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පත්කර තිබේ.

Exit mobile version