Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තායිවාන මුහුදු වටා චීන නෞකා 90ක්

තායිවාන මුහුදු වටා චීන නෞකා 90ක්

තායිවාන මුහුදු වටා චීන නෞකා 90ක්

චීනය, තායිවානය වටා මුහුදු සීමාවේ නෞකා 90ක් පමණ ස්ථානගත කිරීමට පියවර ගෙන තිබේ.

ඒ සමග තායිවානය ඉහළ මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

තායිවානයේ අයිතිය සම්බන්ධයෙන් චීනය සහ තායිවානය අතර පවතින මත ගැටුම් මෑතකාලීනව තවත් තීව්‍ර වී තිබේ.
චීනය තායිවානය වටා මුහුදු සහ ගුවන් සීමාවේ වරින් වර යුද අභ්‍යාසවල නිරත වන්නේ තායිවානය මත සිය හිමිකම තහවුරු කිරීමේ අරමුණිනි.

චීනය මෙම වසරේදී තායිවානය අවට මුහුදු සීමාවේ දෙවරක් යුද අභ්‍යාසවල නිරත විය. කෙසේ වුවද එම අවස්ථා දෙකටම වඩා මහා පරිමාණ අයුරින් මෙවර චීනය නෞකා ස්ථානගත කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව චීනයේ සතුරු ආක්‍රමණ නිරීක්ෂණය කිරීමට තායිවානය හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කර ඇති බව සඳහන්ය. කෙසේ වුවද චීනය තවමත් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

තායිවානයේ අයිතිය සම්බන්ධයෙන් චීනය සහ තායිවානය අතර පවතින මත ගැටුම් තීව්‍ර වුණේ තායිවානය චීනයෙන් ස්වාධීන වූ රාජ්‍යයක් බවට එරට ජනාධිපති විලියම් ලායි ප්‍රකාශ කිරීමත් සමගය.

චීන හමුදා යාත්‍රා සෑම දිනකම පාහේ තායිවානය අවට මුහුදු සීමාවේ යාත්‍රා කරමින් සිටී.

තායිවානය තමන් චීනයෙන් වෙන්වූ ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කළත් චීනය තවදුරටත් එය සලකන්නේ තමන්ගේ රටේ කොටසක් ලෙසය. එමෙන්ම අමෙරිකාව, ජපානය ඇතුළු රටවල් කිහිපයක්ම තවමත් තායිවානය ස්වාධීන රාජ්‍යයක් ලෙස සලකන්නේ නැත.

තායිවානය වටා පිහිටි මුහුදු සීමාවද සැලකෙන්නේ ජාත්‍යන්තර මුහුදු සීමාවක් ලෙසය.

Exit mobile version