Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මිලියන 55ක් වංචා කළ වෛද්‍යවරයෙක් CID අත්අඩංගුවට

මිලියන 55ක් වංචා කළ වෛද්‍යවරයෙක් CID අත්අඩංගුවට

මිලියන 55ක් වංචා කළ වෛද්‍යවරයෙක් CID අත්අඩංගුවට

පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කළ වෛද්‍යවරයෙක් රුපියල් මිලියන පනස් පහක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනහේන, වෑබඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 52වන වෛද්‍යවරයෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version