Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අයෙකුට එක් ගිනිඅවියක් පමණයි – ආරක්ෂක අමාත්‍යංශය

ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අයෙකුට එක් ගිනිඅවියක් පමණයි - ආරක්ෂක අමාත්‍යංශය

ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අයෙකුට එක් ගිනිඅවියක් පමණයි - ආරක්ෂක අමාත්‍යංශය

පුද්ගලයෙකුගේ ජීවිත ආරක්ෂාව සඳහා එක් ගිනිඅවියක් පමණක් ලබාදීමට තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ගිනිඅවි සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

එක් පුද්ගලයෙකු සඳහා එක් ගිනිඅවියකට වැඩියෙන් භාවිත කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ආරක්ෂක විශ්ලේෂණයක් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

කෙසේවෙතත් එම විශ්ලේෂණයෙන් අනතුරුව තවත් ගිනිඅවියක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන්න අවසන් තීරණය ගැනීම ආරක්ෂක අමාත්‍යංශය සතු බවද ඔවුන් සඳහන් කළේය.

සිවිල් පුද්ගලයින්ට නිකුත් කර ඇති ගිනිඅවි පිළිබද සමීක්ෂණ මේ වන විට ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී සිදුකෙරේ. සිවිල් පුද්ගලයින් සඳහා ගිනිඅවි 1,500කට වැඩි ප්‍රමාණයක් නිකුත් කර ඇති අතර ඇතැම් පුද්ගලයින්ට එක් ගිනිඅවියකට වඩා වැඩි සංඛ්‍යාවක් නිකුත් කර ඇති බවටද තොරුතුරු අනාවරණය වී තිබේ.

සිවිල් පුද්ගලයින්ට නිකුත් කර ඇති ගිනිඅවි යළි ලබා දෙන ලෙස මීට පෙර ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී තිබුණි.

Exit mobile version