Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 6කට මරණ දඬුවම

වසර 20කට පසු පුද්ගල ඝාතනයකට 11දෙනෙකුට මරණ දඬුවම

වසර 20කට පසු පුද්ගල ඝාතනයකට 11දෙනෙකුට මරණ දඬුවම

2016 වසරේ නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය නිවසක දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයක මරා දමා තවත් පිරිසකට තුවාල සිදුකිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

2016 වසරේ ජූලි මස 20 වනදා නාරාහේන්පිට උද්‍යාන පාර ප්‍රදේශයේ පැවැති අවමංගල්‍ය නිවසක දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුර දිග යාමෙන් මංජුල මහේෂ් ජයතිලක නමැත්තාගේ මරණය සිදුකොට තවත් පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

නඩු විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විත්තිකරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබෙන බවයි සඳහන් වන්නේ.

දීර්ඝ විභාගයකින් අනතුරුව විනිසුරුවරයා ප්‍රකාශ කළේ, විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.

Exit mobile version