මෙතෙක් කල් පැවැති පරිශීලනය කල ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් පිටුව යලි දක්නට නොලැබෙන බවත් නව මුහුණතක් සමඟ නිර්මාණය කල නව වෙබ් පිටුව ඔබට
www.police.lk ලිපිනයට පිවිසීමෙන් පරිශීලනය කළ හැකි බවත් ශ්‍රී ලංකා පොලිසිය සදහන් කරයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් සකසනු ලබන ශ්‍රී ලංකා පොලිසියේ තොරතුරු, විශේෂ අවස්ථා, පුවත්, ඡායාරූප, වීඩියෝවන් ඇතුලු විශේෂාංග රැසක අන්තර්ගතයක් සමඟ නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමට නියමිත මෙම නව වෙබ් පිටුව පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ නිර්මාණයකි.
එමෙන්ම සුපුරුදු පරිදි පොලිස් නිශ්කාෂණ වාර්තා සඳහා අයදුම් කිරීම, මාර්ගගත ක්‍රමය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙම නව වෙබ් පිටුව හරහාද අවස්ථාව ලබාදී ඇති අතර ඉදිරියේදී ඔබේ පහසුව උදෙසා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය විසින් සකසන ලද තවත් තාක්ෂණික අංග රැසක් මෙම නව වෙබ් පිටුව තුල ඇතුලත් කිරීමට නියමිතය.
වෙබ් පිටුව නිල වශයෙන් හදුනාවාදීමේ අවස්ථාව ඊයේ දින (27) සවස බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැත්වුනි.